තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්රදේශයේ දී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලක රථගාලක දී පසුගිය 13 වනදා පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.