බ්‍රසීල ආරක්ෂක අංශ විසින් එරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී 64 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
එරට වැඩිම ජීවිත හානියක් වූ පොලිස් මෙහෙයුම ලෙස මෙය හැඳින්වෙනවා.
පොලිස් සහ අනෙකුත් ආරක්ෂක අංශ නිලධාරීන් 2500කට අධික පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී තිබෙන අතර සන්නද්ධ වාහන, හෙලිකොප්ටර් සහ ද්රෝණයනා යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රසීලයේ බලවත්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එකක් වන මෙම අපරාධ කල්ලිය red commando ලෙස හැදින්වෙනවා.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය පුපුරන ද්‍රව්‍ය හෙළන ද්‍රෝණ යාන යොදාගනිමින් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර මෙහෙයුමේදී සැකකරුවන් 81 දෙනකු අත්අඩංගුවට ගෙන ස්වයංක්‍රීය රයිෆල 42 ක් සහ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.