1948 දී අධිරාජ්‍යවාදයෙන් නිදහස් වී නොමැති බවත් ඒ මොහොතේ බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් අපේ පාලකයන් අතට බලය මාරුවීම පමණක් සිදු වූ බවත් අපේ රටේ අද වන විටත් සම්පුර්ණයෙන්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස් වී නොමැති බවත් අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අපේ රටේ ජනතාවට තවත් නිදහස ලබා ගැනීමට තිබෙන අතර මේ මොහොතෙත් රටේ සමස්ත ජනතාවට නිදහස වෙනුවෙන්. වෘත්තීය අරගල විවධ සටන් සටන් තිබෙන අතර නිදහස යනු පුළුල් වචනයක් බවත්ය.
මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ දී පැවැත් වූ 78 වන ජාතික නිදහස් සැමරුම් උත්සවය අමතමින් කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා මෙම අදහස් දැක්වීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් පළ කළ අදහස්.
“අද දිනය වැදගත් දිනයක්. 1948 දී අපි අධිරාජ්‍යවාදයෙන් නිදහස් වුණේ නැහැ. බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් අපේ පාලකයන් අතට බලය ලබාගත්තා. අධිරාජ්‍යවාදයෙන් අපි අදත් නිදහස් නැහැ. අදත් අපි අධිරාජ්‍යවාදයේ ගොදුරු බවට පත්වෙලා ඉන්නේ. අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙනවා කියන එක විශාල වැඩක්. වෙහෙසකර වැඩක්. අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙන්න තව අපිට සටන් කරන්න අරගල කරන්න තියෙනවා. අපේ රටේ පාලකයන් අතට බලය ලැබීම තමයි අපි මේ එක්තරා ආකාරයකින් සමරන්නේ.
කන්ද උඩරට රාජධානිය අපේ මහනුවර දිස්ත්‍රික්කය එදත් වැදගත්. අදත් එහෙමයි. එදා 1915 බ්‍රිතාන්‍ය අධිරාජයට අපි නිල වශයෙන් යටත් වුණා. අපේ රටේ පුරවැසියෝ බොහෝ දෙනෙක් මේ යටත් වීම බාරගත්තේ නැහැ. ඊට එරෙහිව සටන් කරන්න අරගල කරන්න අධිෂ්ඨාන කරගත් අය ඕන තරම් හිටියා.
අධිරාජ්‍යවාදය බිහිවෙන්නේ එක්දහස් අටසිය ගණන්වල අග භාගය වන විටයි. තාමත් ඒක තියෙනවා. 1948 අපේ රටේ දේශීය පාලකයන්ට බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් බලය ලැබිච්ච එක තමයි සිද්ද වුණේ.
නිදහස කියන වචනය විශාලයි. අතිවිශාලයි. අදත් අපිට නිදහස දිනා ගැනීමේ අරගලයක් තියෙනවා. අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීම සඳහා අපට සටනක් තියෙනවා. අපේ දේශීය පාලකයන් අතට බලය ලැබුණා. ඒ දේශීය පාලකයන්ගෙන් ප්‍රභූ පැලැන්තියට තමයි බලය ලැබුණේ. ඒ නිසා සාමාන්‍ය ජනතාවට නිදහස ලැබුනේ නැහැ. ඒ අය තව තවමත් යටත් සාමාන්‍ය ජනතාවගේ පාලනයක් මේ රටේ බිහිවුණේ 2024 අවුරුද්දේ.
මීට කලිනුත් පාලකයෝ පත්වුණාට ඒ අය වැඩ කළේ මහජන නියෝජිතයෝ විදිහට නෙවෙයි. ඒ අය වැඩ කළේ මහජනතාව පීඩාවට පත් කරන බලයක් දරමින් දරමින්. 2024ට කලින් මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලන පාලකයෝ බහුතරයක් දැන් අපේ රටේ ජනතාව ඒ පීඩාකාරී පාලකයන්ගෙන් මිදිලා ඉන්නවා. ඒත් තවම පීඩාවන් තියෙනවා. අපට තව නිදහස ලබා ගන්න තියෙනවා. මේ මොහොතෙත් නිදහස වෙනුවෙන් අරගල තියෙනවා. වෘත්තීය අරගල තියෙනවා. සටන් තියෙනවා. නිදහස කියන්නේ පුළුල් වචනයක්. එය දිනා ගැනීමට අපට අඛණ්ඩ අරගලයක් තියෙනවා. ඒ අරගලේ ඉදිරියට ගෙනියන්න වර්තමාන පරපුරට අද දිනයත් ශක්තිමත් ලෙස අධිෂ්ඨාන සහගත දිනයක් වේවා.”





