දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශනය ලෙස ඇරඹි ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු “රේඩියෝ සියවස” ජාතික මහෝත්සවය ඊයේ (12) කොළඹ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක මූලිකත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායක වූ විශිෂ්ටයින් රැසක් ඇගයීමට පාත්‍ර විය.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය ගිහිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියහ.









