ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ මේ වන විට සිය දිවි නසාගැනීමට පෙළඹී ඇති බවය.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුනාරච්චි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළාය.