වර්තමානයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ මුලිකත්වයෙන් සිදුකරමින් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව මේ වන විට සමාජය තුළ යම් කතාබහක් ඇතිවී තිබේ.
විපක්ෂයට අදාල ඇතැම් කණ්ඩායම් 6ශ්‍රේණිය සඳහා මුද්‍රණය කර ඇති එක් මොඩියුලයක තිබෙන සබැඳියක් මුල් කරගනිමින් අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවට සහ ආණ්ඩුව සිදුකරමින් තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව දිගින් දිගටම විවේචන එල්ල කරමින් තිබේ.
මේ පිළිබඳව සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රවීන මාධ්‍යවේදී නාරද බක්මීවැව මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසක්,
අගමැතිනිය සහ ඉංග්‍රීසි මොඩියුලය ගැන මගේ සත දෙක
මේ දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අලලා අග්‍රාමාත්‍යතුමිය ඉලක්ක කර ඇයව ප්‍රහාරයට ලක් කරමින් සිටී. ඇය අග්‍රාමාත්‍යවරිය වන්නට පෙර අවස්ථා කිහිපයකදී හමුවී යන්තමින් දන්නා පරිදි ඇය හොඳ සංස්කෘතික ජීවියෙකි. ඇයට එරෙහිව එල්ල කරන ලිංගික දිශානතිය පිළිබඳ චෝදනා මම දන්නා පරිදි සත්‍යතාවයෙන් තොරය. ( අනික ලිංගික දිශානතිය යනු පෞද්ගලික කාරණාවකි) මට ඇය කෙරෙහි ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ පුමාදය පිළීබඳ විරෝධයකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඇති අනවබෝධය පිළිබඳ විරෝධයකි.
( වරක් අධ්‍යාපනය සම්බන්ධව සරසවි මට්ටමෙන් යෝජනාවක් ලබා දෙන්නට ඇයව හමු වන්නට වෙලාවක් ලබා ගන්නට විවිධාකාරයෙන් උත්සාහගත් අතර, එය අද දක්වාම සාර්ථක නොවීය. එය සටහන් කලේ ඇය සමග පෞද්ගලික දේශපාලන සමබ්න්ධකමක් නැති බව ඔබට කියන්නටය. ) නමුත් මම මේ කියන්නේ පුරවැසියෙක් ලෙසය. ඇය සම්බන්ධව නොදන්නා දේ ලියමින්, විවිධ කතා ප්‍රබන්ධගත කරමින්, අපහාස කරමින් ඇත. එය සාධාරණ නොවේ. එයට අත්වැල් අල්ලමින් අපහාස කරන්නට කිසිදු හේතුවක් නොදැන comment දමන පිරිසක්ද වෙති. කාන්තාවක් වූ විට තත්වය බරපතළය. වර්තමාන ආණ්ඩුවට විරැද්ධ පිරිස්, වරදාන වරප්‍රසාද නොලැබූ ගිහි පැවිදි දෙපක්ෂයේ පෞරාණිකවාදීන් පිරිස්ද මේ සම්බන්ධව කලබල වී ඇත. සමහරවිට බලය ලබා ගැනීමේදී සිදු කල අාණ්ඩුවේ campaign එකම පාරා වලල්ක් වූවාද විය හැක.
කෙසේ නමුත් බලය ලබා ගැනීම dirty game එකක් වුවද, අපි දේශපාලනයේදී ශිලාචාර විය යුතුය. අනාගතවාදී විය යුතුය. ඉදිරි දේශපාලනය තීරණය වෙන්නේ ජාතිවාදය ආගම්වාදය, ලිංගික විරෝධය, වෛරය මත නොව දැනුම සහ තොරතුරැ මත බව සිහිතබාගත යුතුය.
මට හිතෙන්නෙ නැවත නැවත සෝදුපත් පරීක්ෂා කර මෙම මොඩියුලයට ඇතුල් වී ඇත්තේ නිවැරදි තොරතුරැදැයි පරීක්ෂා නොකිරීම එහි සම්පාදකයින් අතින් සිදුවූ වැරද්දක් බවයි.
සමහර අය සිතන පරිදි, සමලිංගිකත්වය යනු දේශපාලන පක්ෂයක සාමාජිකයින් සේ, ප්‍රවර්ධනය කර වැඩිකර ගත හැක්කක් නොවේ. ලිංගික නැමියාව නිර්මාණය වීම තේරැම් ගැනීම තරමක සංකීර්ණ කටයුත්තකි. මම අසා ඇති ආකාරයට යමෙකු සමලිංගික වෙන්නේ, නැත්නම් ලිංගික දිශානතිය තීරණය වෙන්නෙ, වැඩෙන ළමා අවධියේදී දෙමව්පියන්ගේ සම්බන්ධතා, ධූරාවලිය, මානසික තත්වය, ක්‍රියාත්මක වීම, සැඩ පරැෂ බව, ආකර්ශණීය බව වැනි කාරණා දරැවාට මානසිකව බලපාන ආකාරයේ ප්‍රතිඵලයක් නිසා සහ/හෝ ජානමය ලෙස මිසක ඒක බෝවන දෙයක් නිසා නෙමෙයි.
ඒක බෝවන දෙයක් නම් අප දන්නා කාරණයක් වන්නේ, ක්‍රීඩා කණ්ඩායම් වල, කැඩෙට් කණ්ඩායම් වල හමුදා වල, ආගමික සංස්ථා තුළ, බොහෝ දෙනෙකු සමලිංගික විය යුතුය. හැබැයි අප ඒවා නොදන්නා සේ සිටිමින් හෝ ඇත්තටම නොදන්නා කම නිසාම මිත්‍යාවට වහල් වී සිටී. අප සමාජය විද්‍යාත්මක ලෙස එය තේරැම් ගෙන නැහැ. සමහරැන් සිතන්නේ ලිංගිකත්වය යනු ලිංගික අවයව විනිවිදීම පමණක් බවය. නමුත් එය එතනින් එහා ක්ෂිතිජය තෙක් විහිදුණු සංකීර්ණ කාරණාවක් ලෙස වටහාගත යුතුය.
( සාධනීය සංවාදය සඳහාය. )