ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡා වලින් පසු ක්ෂණික යුද විරාමයකට එකඟ වී ඇත.
කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය අද (19) අලුයම ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යුද විරාමයකට සහ “දෙරට අතර කල්පවත්නා සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට යාන්ත්‍රණක් පිහිටුවීමට” එකඟ වී ඇති බවයි.
දෝහා හි මාධ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ යුද විරාමයේ තිරසාරභාවය සහතික කිරීමට සහ එහි විශ්වාසදායකත්වය හා තිරසාර ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඉදිරි දිනවල දී පසු විපරම් රැස්වීම් පැවැත්වීමට දෙරට එකඟ වී ඇති බවයි.
පසුගිය දා (18) දෙපාර්ශ්වයම දෝහාහි සාම සාකච්ඡා සඳහා සහබාගී වූ අතර, 2021 දී තලේබාන් සටන්කාමීන් කාබුල්හි බලය අල්ලා ගැනීමෙන් පසු දකුණු ආසියානු මෙම අසල්වැසියන් දෙදෙනා අතර පසමිතුරුකම ආරම්භ වූ බවත් ඒ හරහා දුසිම් ගණන් මිය ගොස් සිය ගණනක් තුවාල ලැබූ බව මෙහි දී අවධාරණය විය.
ගැටුමේ පසුබිම:
තලෙයිබාන්වරුන් කාබුල් ඉල්ලා සිටීමෙන් පසුව පාකිස්තානයට එල්ලවන දේශසීමා ප්‍රහාර වැඩිවිය, ඉන්පසු ගැටුම් වලට මුල් වී තිබෙන කිලෝමීටර 2,600ක (සැතපුම් 1,600) දේශසීමාවේ, දේශසීමා ගැටුම් සහ පාකිස්තාන ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක විය.
පාකිස්තානය පවසන්නේ සටන්කරුවන් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂිත නිවස්නවලින් ප්‍රහාර සඳහා ක්‍රියාත්මක වන බවයි.
පාකිස්තානයට ප්‍රහාර එල්ල කරන සන්නද්ධ කණ්ඩායම් සඳහා තලේබාන්වරුන් රැකවරණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, පාකිස්තාන හමුදාව ඇෆ්ගනිස්තානය පිළිබඳ වැරදි තොරතුරු ප්‍රචාරය කරන බවටත්, ISIL (ISIS) සමග සම්බන්ධ සටන්කරුවන්ට තලෙයිබාන්වරුන් රැකවරණය දෙන බවටත් ඔවුන් චෝදනා කරයි.
ඉහත හේතු මුල්කරගනිමින් සිකුරාදා දින (17) දේශසීමාව ආසන්නයේ සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පාකිස්තානු සොල්දාදුවන් හත් දෙනෙක් මිය ගොස් 13 දෙනෙක් තුවාල ලැබූ බව ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කළහ.