මරණ දෙක ගැන විමර්ශන යනවා-ඇමති නලින්ද

nalinda jayathissa 1200px 25 08 05 1

ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නම් ඖෂධය භාවිතයෙන් පසු ඇති වූ සංකූලතා කිහිපයක් නිසා එම ඖෂධය භාවිත කිරීම සම්පූර්ණයෙන් නතර කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

පසුගිය සෙනසුරාදා සිට මේ ඖෂධය ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කළ බවත් අයිඩීඑච් රෝහලේ සිදුව ඇති මරණ දෙක ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ සිදුකරන බවත් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීවේය.

එසේම මේ ඖෂධයේ සංකූලතා ගැන ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරවල පරීක්ෂණ සිදුකරගෙන යන බව ද ඇමැතිවරයා කීවේය.මේ මරණ දෙක සහ දාළ ඖෂධ අතර මේ සමග ඇති සම්බන්ධය කුමක්ද යන්න ගැන වෙනම පරීක්ෂණයක් සිදුවන බවද ඔහු සඳහන් කළේය.

2021 වසරේ ටෙන්ඩයක් මත 2025දී සහ 2024 ඇනවුමක් මත 2025දී ගෙන්වූ ඖෂධවල සාම්පල් හතරක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය අති බව ද ඇමැති නලින්ද ජයතිස්ස මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.