දැන් තවත් නටන්නේ ඇයි?

අනුර කුමාර දිසානායක

ත්‍රිකුණාමලය මුලික කරගනිමින් සිදු වූ ගැටලුව මේ වන විට නිරාකරණය කර තිබෙන අතර ඒ පිළිබඳව විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් නැවත නැවතත් කියමින් අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ ජාතිවාදය රට තුළ ඇති කිරීමේ අවශ්‍යතාවයකට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කුමන ප්‍රයත්න දරුවත් ජනාධිපති ලෙස තමන් ජාතිවාදය රට තුළ වැපිරීමට ඉඩ නොදෙන බවත් එයට ජනතාව කිසිසේත්ම ඉඩ නොදෙන බවත්ය.