ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ අයවැය 3 වන වර කියවීමේ විවාදය අවසානයේ දිට්වා ව්‍යසනය පිළිබඳවද කරුණු දක්වමින් විශේෂ ප්‍රකාශයක් ලෙස පිළිතුරු කතාව ඉදිරිපත් කළේය.
ඒ අතර ව්‍යසනයට පත්වූවන්ට පහත සහන ආධාර ලබාදෙන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී තහවුරු කළේය.
- මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 10ක්.
- පූර්ණ හානි වූ නිවසකට ලක්ෂ 50ක්.
- අර්ධ වශයෙන් හානි වු නිවස සඳහා රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 25ක් දක්වා.
- ඉඩමක් නොමැතිනම් රජයෙන් ඉඩම්, එසේ නැත්නම් ඉඩමක් ලබා ගන්න තවත් ලක්ෂ 50ක්.
- නිවාස පිරිසිදු කරගැනීමට 25,000ක්
- නිවාසවලට යළි යාමේ දී අත්‍යවශ්‍ය බඩු මිලදී ගන්න, නිවාසවල අයිතිය නොසලකා එක ඒකකයකට රුපියල් 50,000ක දීමනාවක්
- නිවාස අහිමි වූ අයට, අවතැන් කඳවුරුවල සිටීමට නොහැකි නම් කුලී නිවසකට යාමට මාසිකව රුපියල් 25,000ක් බැගින් මාස තුනක් ගෙවීම හා එය මාස 6ක් දක්වා දීර්ඝ කිරීම.
- නිවාස අහිමි වී ජීවනෝපාය අහිමි වූ පවුල්වලට මාස 3කට, දෙදෙනෙකු සිටී නම් මාසිකව 25,000ක්, දෙදෙනෙකුට වඩා සිටින පවුල්වලට මාසිකව 50,000ක්.
- ලියාපදිංචි සත්ත්ව ගොවිපොළ සඳහා ලක්ෂ 02ක්.
- ලියාපදිංචි සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලක්ෂ 02ක්.
- පූර්ණ හානි වූ ධීවර බෝට්ටු සඳහා රුපියල් ලක්ෂ 4ක්
- ආපදාවට ලක් වූ පාසල් සිසුවෙකුට රුපියල් 25,000ක්.
- ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා ගෙවීම උපරිම ලක්ෂ 50 දක්වා.
මේ ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාවයි.