බොන්ඩ් හොරා, මහ බැංකු මහා මංකොල්ලයේ මහා මොලකරු නොහොත් රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වසර ගණනාවකට පසු නැවතත් මාතෘකාවක් වී තිබෙනවා, ඒ විදේශ රටවල සිටින අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමත් සමඟයි.
කෙසේ වෙතත් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබුනේ බොන්ඩ් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් වසර තුනකට පසු ඔහුට දුරකථන ඇමතුමක් දුන් බවත්, ඇත්තවශයෙන්ම මහා බැංකු හොරකමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත්ය.

“බොන්ඩ් හොරා නොහොත් අර්ජුන මහේන්ද්‍රන් මේ මට දැන් කතා කරා අවුරුදු තුනකට පස්සෙ. ගොඩාක් දේවල් කිව්ව. මං අහගෙන හිටියා…”
මං ඇහැව්ව මචං පින්තූරයක් අරං ෆේස්බුක් දාන්නද කියල, ගනිං මචං දාපං කිව්වා. ඔන්න දැම්ම එහෙම නම්!
“අල්ලනව නම් අල්ලන්න අර්ජුනව. මට කිව්ව අනුරට උපදෙසක් දෙන්න කියල. ඒකට තමා අර්ජුන මට කතා කලේ. මං කිව්ව මං කාටවත් උපදෙස් දෙන්නෙ නැහැ කියල, රස කතා ගොඩයි. ඌයි මායි දන්නෙ අවුරුදු තිහකටත් පෙර සිට 🙂.”
“ඇත්ත හොරා රනිල්…!
(මං ඉතිං පාතාල, මිනීමරුවො, සල්ලි හොරු ඔක්කොමල ආශ්‍රය කරනවනෙ මං කරපු රස්සාව අනුව)
තිරු/ නිරුපමා, ටිරාන් ඔක්කොම මහා පරිමාණ හොරුත් මගේ යාලුවො තමයි…!
මොනව කරන්නද මම දූෂණයට විරුද්ධව සටන් කරපු/කරන/ මොඩියුල් හදල උගන්වන සහ උගන්වන කෙනෙක්නෙ..!”
–උවිඳු කුරුකුලසූරිය–
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේගය විසින් මැතිවරණ වේදිකාවේ දී ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුවක් වන්නේ මහා බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලුදෙනා අධිකරණය හමුවට රැගෙනවිත් ඔවුන්ට දඬුවම් දෙන බවයි.
පසුගිය ආණ්ඩු විසින් මහා බැංකු මංකොල්ලය පිළිබඳව විවිධ අවස්ථාවල පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ සාකච්ඡා සහ විමර්ශන ආරම්භ කළ නමුත් එවකට මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන එන තුරු විමර්ශන කටයුතු නැවතී ඇත. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කළ විමසීමක දී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුනේ අර්ජුන මහේන්ද්‍රන් සමිපතමයෙකුගේ විවාහ උත්සවයක් සඳහා විදෙස් ගත වී සිටින බවත් ඔහු ඉක්මනින් නැවත මෙරටට පැමිණෙන බවත්ය.