අළු බඳුනේ ඉතිහාස කතාව

ftxwhh1xqj36prca cover

ක්‍රිකට් පරා­ජ­යක වේද­නාව වැඩි­පුර දැනෙන්නේ ක්‍රීඩ­ක­යන්ට නොව ප්‍රේක්ෂ­ක­යන්ට යැයි කතා­වක් තිබේ. එවැනි වේද­නා­කාරි ක්‍රිකට් පරා­ජ­යන් ලොව ඕනෑම රටක ක්‍රීඩා­ලෝ­ලීන් ඉති­හා­සය පුරා අත්වි­ඳි­න්නට ඇත. ක්‍රීඩ­ක­යන්ද අඩු­වැඩි වශ­යෙන් එවැනි අත්දැ­කීම් ලබ­න්නට ඇත. එහෙත් 1882 අගෝ­ස්තුවේ ඕවල් පිටි­යේදී ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් හමුවේ එංග­ලන්ත ක්‍රීඩ­ක­යන් ලැබූ ලජ්ජා­ස­හ­ගත ටෙස්ට් පරා­ජය නම් ඒ සිය­ල්ල­ටම වඩා වේද­නා­බර එකකි. පරා­ජ­යෙන් පසු එංග­ල­න්තයේ ක්‍රීඩ­ක­යන්ට මුහුණ පෑමට සිදු වූ කටුක සිදු­වීම පරා­ජයේ වේද­නාව දෙගුණ තෙගුණ කිරී­මට සමත් වූ එකකි. වසර 143ක් ගත වූවත් අද­ටත් පර­ම්පරා ගණ­නා­වක් පුරා එංග­ල­න්තය නියෝ­ජ­නය කරන ක්‍රීඩ­ක­යන්ට ඒ අමි­හිරි මත­කය වස­රින් වසර අලුත් වන්නේ එබැ­විනි.

1724916017051 untitleddesign(3)

ලෝක ක්‍රිකට් පිටියේ සාම්ප්‍ර­දා­යික පස­මි­තු­රන් වන එංග­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව අතර වාර්ෂි­කව පැවැ­ත්වෙන ‘අළු බඳුන’ ටෙස්ට් තර­ගයේ ඇර­ඹුම සිදු වූයේ එම පරා­ජ­යෙනි.

එදා ඕවල් පිටියේ ටෙස්ට් තර­ග­යට ක්‍රීඩා කිරී­මට එංග­ල­න්ත­යට පැමිණි බිලී මර්ඩොච්ගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඔස්ට්‍රේ­ලි­යානු පිල ලකුණු 7කින් තර­ගය ජය ගත්තේය. තර­ගයේ ජය­ග්‍ර­හ­ණය සඳහා නිය­මිත ඉල­ක්කය වූයේ ලකුණු 85කි. එහෙත් මන්කි හෝන්බිගේ නාය­ක­ත්ව­යෙන් යුතු එංග­ලන්ත පිලට එම ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කිරී­මට නොහැකි වූ අතර, ඉනිම නිමා­වට පත් වූයේ ලකුණු 77කිනි. ආර­ම්භක පිති­කරු දොස්තර ඩබ්.ජී. ග්‍රේස් හැරුණු විට සෙසු කිසිදු පිති­ක­රු­ව­කුට හිස එස­වී­මට ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් ඉඩ තැබුවේ නැත.

එංග­ලන්ත ක්‍රීඩ­ක­යන් එදා සිය මවු­බි­මේ­දීම ඔස්ට්‍රේ­ලි­යා­නු­වන් හමුවේ දණ ගැසුවේ ජය­ග්‍ර­හ­ණය පෙනි පෙනී තිබි­ය­දීය. ප්‍රේක්ෂ­කයෝ කුපිත වූහ. බ්‍රිතාන්‍ය මාධ්‍ය අනු­කම්පා විර­හි­තව සිය ක්‍රීඩ­ක­යන් පතුරු ගැසු­වේය.

ffslyoug9p7qdqul 5

එව­කට බ්‍රිතා­න්‍යයේ පළ වූ ‘ස්පෝර්ටින් ටයිම්ස්’ පුව­ත්පතේ තරුණ ක්‍රීඩා මාධ්‍ය­වේ­දියා රෙජි­නල්ඩ් ෂර්ලි බෘක්ස් එංග­ලන්ත ක්‍රීඩ­ක­යන්ගේ පරා­ජය සම­ච්ච­ල­යට ලක් කර­මින් ඊළඟ දින­යේදී මරණ දැන්වී­මක ආකා­ර­යෙන් අපූරු සට­හ­නක් පළ කළේය. එහි සඳ­හන් වූයේ මෙසේය:

‘1882 අගෝස්තු 29 වැනිදා ඕවල් පිටි­යේදී එංග­ලන්ත ක්‍රිකට් මිය ගිය අතර, එය මිතු­රන් සහ හිත­ව­තුන් විශාල පිරි­ස­කගේ ශෝක­යට හේතු විය. සමා­දා­නයේ සැත­පේවා! දේහය ආදා­හ­නය කර අළු ඔස්ට්‍රේ­ලි­යා­වට රැගෙන යනු ඇත.’

ටෙස්ට් පරා­ජයේ මිථ්‍යා භස්මා­ව­ශේෂ කතාව දිග්ගැස්සී ගියේය. එම වස­රේ­දීම සීත ඍතුවේ ටෙස්ට් තර­ගා­ව­ලි­ය­කට ක්‍රීඩා කිරී­මට එංග­ලන්ත පිල ඔස්ට්‍රේ­ලි­යාවේ සංචා­ර­යක නිරත වූ අතර, පිටත්ව යෑමට පෙර නායක අයිවෝ බිල්ග් වාර්තා­ක­රු­වන්ට මෙසේ කීවේය:

“අපි මේ යන්නේ ඒ ‘අළු’ ටික ආපහු එංග­ල­න්ත­යට අර­ගෙන එන්නයි.”

එංග­ලන්ත පිලේ නාය­ක­යාගේ මේ ප්‍රකා­ශය ඔස්ට්‍රේ­ලි­යා­ව­ටත් පැතිරී ගියේය. එංග­ල­න්තයේ පුව­ත්පත් පසුව එම සංචා­රය හැඳි­න්වූයේ අළු බඳුන නැවත අත් කර­ගැ­නීමේ ගවේ­ෂ­ණය ලෙස­ටය. එංග­ලන්ත පිලේ නාය­කයා පැවසූ පරි­දිම තරග 3කින් සම­න්විත එම ටෙස්ට් තර­ගා­ව­ලිය 2-1කින් ජය ගැනී­මට එංග­ල­න්තය සමත් විය.

ftxwhh1xqj36prca cover

මෙල්බර්න් නුවර පැවති අව­සන් ටෙස්ට් තර­ග­යෙන් පසු එංග­ලන්ත පිලේ ජය­ග්‍ර­හ­ණය සංකේ­ත­වත් කර­මින් මෙල්බර්න් නුවර තරු­ණි­යන් පිරි­සක් විසින් මැටි­යෙන් තැනූ කුඩා බඳු­නක් එංග­ලන්ත පිලේ නාය­ක­යාට පිළි­ගැ­න්වූයේ ජය­ග්‍ර­හ­ණ­ය­ටත් සම­ච්චල් කර­මිනි. එම බඳුන තුළ වූයේ දැව­යෙන් තැනූ ක්‍රිකට් පන්දු­වක අළු ස්වල්ප­යකි. අළු බඳුන පිළි­ගැන්වූ ෆ්ලෝරන්ස් මෝෆි නමැති තරු­ණිය ඊට වස­ර­කට පසු එංග­ලන්ත පිලේ නාය­කයා සමඟ අති­නත ගැනීම ‘අළු බඳුනේ’ තවත් අතුරු කතා­වකි. 1927දී අයිවෝ බිල්ග්ගේ අභා­ව­යෙන් පසු වැන්දඹු බිරිය එම ‘අළු බඳුන’ එංග­ල­න්තයේ මෙරි­ලි­බෝන් ක්‍රිකට් සමා­ජ­යට භාර දුන් අතර, එය අද­ටත් ලෝඩ්ස්හි මෙරි­ලි­බෝන් කෞතු­කා­ගා­රයේ තැන්පත් කර ඇති ඓති­හා­සික වටි­නා­ක­ම­කින් යුතු අපූරු සිහි­ව­ට­න­යකි. පසු­කා­ලී­නව දෙපිල අතර පැවැ­ත්වෙන සෑම ටෙස්ට් තර­ග­මා­ල­ව­කම ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු ඒ අළු බඳුන සංකේ­ත­වත් කර­මින් සිය රටට රැගෙන යා හැකි අනු­රු­වක් පිළි­ගැ­න්වීම සම්ප්‍ර­දා­යි­කව සිදු වන්නකි.

වසර 143ක් පැරණි මේ ‘අළු බඳුන’ ටෙස්ට් ඉති­හා­සයේ 74 වැනි තර­ගා­ව­ලිය මේ දින­වල ඔස්ට්‍රේ­ලි­යාවේ පැවැත්වේ. මෙතෙක් පැවැති තර­ගා­වලි අතු­රින් වැඩිම සංඛ්‍යා­වක් දිනා­ගැ­නීමේ වාර්තා­වට ඔස්ට්‍රේ­ලි­යාව හිමි­කම් කියනු ලබන්නේ තර­ගා­වලි 34ක් ජය ගනි­මිනි. එංග­ල­න්තය දිනා ඇති තර­ගා­වලි සංඛ්‍යාව 32කි. තර­ගා­වලි 7ක් නිමා­වට පත් වූයේ ජය පරා­ජ­යෙන් තොර­වය.