රමල්ලා අගනුවර ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් – පූජකවරුන් යුක්තිය ඉල්ලයි

Attack in Birzeit

පලස්තීනයේ පරිපාලන අගනුවර වන රමල්ලා (Ramallah) අසල පිහිටි බීර්සෙයිට් (Birzeit) ගම්මානයේදී ඊශ්‍රායල පදිංචිකරුවන් පිරිසක් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයක් පිළිබඳව රදගුරු ආචාර්ය ඉමාඩ් හඩාඩ් (Bishop Dr. Imad Haddad) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

උන්වහන්සේ ජෝර්දානයේ සහ ශුද්ධ වූ දේශයේ එවැන්ජලිකල් ලූතරන් පල්ලියේ රදගුරුවරයා වේ.

පල්ලියට අයත් පෞද්ගලික ඉඩම්වලට අනවසරයෙන් ඇතුළු වූ පදිංචිකරුවන් පිරිසක් එහි දේපළවලට සහ වගාවන්ට හානි කර ඇති බවයි වාර්තා වන්නේ. මෙහිදී ඇති වූ ගැටුමෙන් කාන්තාවක ඇතුළු පවුලේ සාමාජිකයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, හිසට බරපතළ තුවාල සිදු වූ එම කාන්තාව දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම අවස්ථාවේදී මැදිහත් වූ පලස්තීන තරුණයන් තිදෙනෙකු ද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් මේ වන තෙක් ප්‍රහාරය එල්ල කළ පදිංචිකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පල්ලිය පවසයි.

මෙම සිදුවීම “ලැජ්ජා සහගත” ක්‍රියාවක් ලෙස හෙළා දකින රදගුරුතුමා, සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් යුක්තිය ඉටු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Church Leaders Condemn “Shameful” Settler Attack in Birzeit; Woman in ICU, Son Arrested