🔴අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුම්දීමට විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

අයහපත් කාලගුණ තත්ත්වය

ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් එකාබද්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඔවුන් පවසන්නේ මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි අපේක්ෂා කෙරේ.

මේ අතර දිවයින හරහා පැ.කි.මී 50 – 60 අතර තද සුළං අපේක්ෂා කරන අතර, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි බලාපොරොත්තු විය හැකි බවද මෙරිල් මෙන්ඩිස් පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල නාවික සහ ධීවර කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු වළකින ලෙසද ඒ මහතා දැනුම්දෙයි.