ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන්වහන්සේ සිව් නමක් සහ පුද්ගලයින් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවේ දී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, මෙම පිරිස ලබන ජනවාරි මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.
අනවසර ඉදිකිරීමක් බවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ වටපිටාවක පොලිසිය විසින් අදාළ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය නොවැම්බර් මස 16 වන දින නොසන්සුන්තාවක් හටගත් අතර, බලන්ගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් එහි දී පොලීසියට දැඩි විරෝධයක් එල්ල වුුුණා.