අම්බලන්ගොඩ නගර සභා පරිශ්රය ආසන්නයේ අද (04දා) උදෑසන 10.30ට පමණ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලය මරණයට පත්වී ඇත.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මෝදර දේවාලයේ සභාපති බව තහවුරු කළ ආරංචි මාර්ග පවසයි. ඔහු පෝරඹ ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි මිරන්ත වරුෂවිතාන නමැත්තා බව මේ වන විට තහවුරු වී තිබේ.
මෙම වෙඩි තැබීම සිදුවුයේ අද උදෑසන අම්බලන්ගොඩ නගර සභාව අසලදීය.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය. ඔහු කරන්දෙණිය සුද්දාගේ මස්සිනා බවට තොරතුරු වාර්තා වේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් විමර්ශනය කරමින් සිටින අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු අපේක්ෂා කෙරේ.