අල්ලස් පැමිණිලි සීයකින් එන සතියේ පාර්ලිමේන්තුව රත්වෙයි!

අල්ලස් පැමිණිලි සීයකින් එන සතියේ පාර්ලිමේන්තුව රත්වෙයි!

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි සියයකට අධික සංඛ්‍යාවක් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කරලා.

මේ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙනවා.

මෙම ප්‍රශ්න කිරීම් හේතුවෙන් මැතිසබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ ඔවුන්ගේ දේපළ සහ ඔවුන් සිය දේපළ සම්බන්ධයෙන් මුලින් කර ඇති විවිධ ප්‍රකාශ අතර බරපතළ සැක සහිත වෙනස්කම් පවතින බවයි.