පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප්

පාර්ලිමේන්තු විශ්‍රාම ඉවත් කිරීම සඳහා පසුගිය දා (2025.06.16) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබී තිබෙනවා.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’යන දැක්මට අනුව රජය ලබා දුන් පොරොන්දුව ප්‍රකාරව, පාර්ලිමේන්තුවට තේරී පත් වූ නියෝජිතයන්ට සහ ඔවුන්ගේ කාලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීම අරමුණු කරගෙන ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.

එම පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.