මහින්ද හිටපු විජේරාම නිවසට කරන දේ මෙන්න

mahinda 1200x675 13 02 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි විජේරාම නිල නිවස මහාධිකරණයක් ස්ථාපිත කිරීම සදහා වෙන්කර ඇති බව අමාත්‍ය විජිත හේරත් අද ප්‍රකාශ කර ඇත.ඒ අනුව,හිටපු ජනාධිපතිවරයා භාවිතා කළ විජේරාම නිල නිවස ඇතුළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වූ ගොඩනැගිලි හතරක් මෙසේ නව මහාධිකරණ ස්ථාපිත කිරීම සදහා වෙන්කර තිබේ.

නඩු විභාගයන් කඩිනම් කිරීම සදහා මෙම තීන්දුව ගෙන ඇති බවත්, ඉදිරියේදී තවත් ඇමැති නිලනිවාස මේ සදහා වෙන් කිරීමට ආණ්ඩුව පැත්තෙන් උත්සාහයන් දරමින් ඇති බවත් පැවසේ.