තෙල් මිල ඉහළ ගියාට ආර්ථික කම්පනවලට ලංකාව සූදානම් – මහබැංකු අධිපති

z2ofrme5vjjtjiayq5zwqzkh4a

සර 2022 පැවති දරුණු මූල්‍ය අර්බු­ද­කාරී සම­යට සාපේ­ක්ෂව, වර්ත­මා­නයේ ලෝක වෙ‍ෙළ­ඳ­පොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති විය හැකි ආර්ථික කම්ප­න­ව­ලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් හොඳින් සූදා­නම්ව සිටින බව මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා පව­සයි.

Òගෝලීය වෙළෙ­ඳ­පොළේ ඛනිජ තෙල් පව­තින තාක් කල්, ශ්‍රී ලංකා­වට එය මිල දී ගැනී­මට සම්පත් තිබෙ­නවාÓ යැයිද මහ බැංකු අධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

බැංකොක්හි පැවති ‘IMF සමු­ළුව: ආසි­යාව 2050’ ට සම­ගා­මීව බ්ලූම්බර්ග් පුවත් සේවය සමඟ අද­හස් දක්ව­මින් ඔහු මේ බව අව­ධා­ර­ණය කළේය. ශ්‍රී ලංකාව සතු අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 7ක ශක්ති­මත් විදේශ සංචි­තය සහ දැනට පව­තින අඩු උද්ධ­මන මට්ටම මෙම කම්පන අව­ශෝ­ෂ­ණය කර ගැනී­මට තීර­ණා­ත්මක සාධක වන බව මහ බැංකු අධි­ප­ති­ව­රයා පෙන්වා දෙයි.

මහ බැංකුවේ සිය­යට 5ක ඉල­ක්ක­ගත මට්ට­මට වඩා බෙහෙ­වින් අඩු­වෙන්, එනම් සිය­යට 1.6ක මට්ට­මක පසු­ගිය මාසයේ උද්ධ­ම­නය පැව­තීම හේතු­වෙන් මිල කම්ප­න­යක් දේශීය උද්ධ­ම­න­යට අව­ශෝ­ෂ­ණය කර ගැනී­මට ප්‍රමා­ණ­වත් ඉඩක් පව­තින බව ඔහු විශ්වා­සය පළ කරයි.

2022 වස­රේදී ඉන්ධන හිඟ­යක් ඇති වූයේ මිල ඉහළ යෑම නිසා නොව, ඛනිජ තෙල් මිලදී ගැනී­මට අවශ්‍ය විදේශ විනි­මය රට තුළ නොමැති වීම නිසා බව ආචාර්ය වීර­සිංහ සිහි­පත් කළේය. එහෙත් වර්ත­මා­නයේ පව­තින්නේ ගෙවීමේ හැකි­යාව පිළි­බඳ ගැට­ලු­වක් නොව, ගෝලීය සැප­යුම් දාම­යන්හි ඇති විය හැකි බාධා­වන් පිළි­බඳ ගැට­ලු­වකි.

මැද­පෙ­ර­දිග පව­තින නොස­න්සුන් තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 93 ඉක්මවා ගොස් ඇති අතර, දිගු­කා­ලීන ගැටු­මක් හේතු­වෙන් භාණ්ඩ ප්‍රවා­හන පිරි­වැය ඉහළ යාම සහ සැප­යුම් දාම අඩාළ වීම ප්‍රධාන අව­දා­න­මක් ලෙස හඳු­නා­ගෙන ඇත. මීට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව අනු­ග­ම­නය කරන පිරි­වැය පරා­ව­ර්තක ඉන්ධන මිල­ක­රණ යන්ත්‍ර­ණය මූල්‍ය බරක් ඇති වීම වළ­ක්වන අතර, නම්‍ය­ශීලි විනි­මය අනු­පාත ක්‍රමය කම්පන අව­ශෝ­ෂ­ක­යක් ලෙස ක්‍රියා කරනු ඇත.

වසර ආර­ම්භයේ දී සිය­යට 03ක ආර්ථික වර්ධ­න­යක් අපේක්ෂා කළද එය ඊට වඩා වැඩි සිය­යට 5ක සැබෑ දළ දේශීය නිෂ්පා­දිත වර්ධ­න­යක් ළඟා කර ගැනී­මට හැකි ප්‍රව­ණ­තා­වක් මේ වන විට ශ්‍රී ලංකා ආර්ථි­කයේ පෙන්නුම් කරන බව මහ බැංකු අධි­ප­ති­ව­රයා අනා­ව­ර­ණය කළේය.

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3ක IMF විස්තීර්ණ අර­මු­දල් පහ­සු­ක­මෙහි පස්වැනි සහ හය­වැනි සමා­ලෝ­චන ඒකා­බද්ධ කිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට සාර්ථ­කව පැවැ­ත්වෙන බවත්, එය මැයි මාසය වන විට IMF විධා­යක මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරී­මට අපේක්ෂා කරන බවත් වැඩි­දු­ර­ටත් සඳ­හන් විය.

විනි­මය අනු­පා­ති­කයේ අධික අස්ථා­ව­ර­ත්වය වළක්වා ගනි­මින් ස්ථාව­ර­ත්වය ආරක්ෂා කිරීම රජයේ සහ මහ බැංකුවේ මූලික ඉල­ක්කය වී තිබේ.