ගුවන්සේවා සභාපතිගේ අස්වීමේ තිත්ත පැත්ත

Harsha Abeywickrama

ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා (පෞද්ගලික) සමාගමේ සභාපති ධුරයෙන් එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඉල්ලා අස්වීම පිලිබදව විවිධාකාර මත පලවෙමින් තිබේ.

හර්ෂ අබේවික්‍රම 2024 ඔක්තෝබර් මාසයේදී එම තනතුරට පත් කරන ලද අතර වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව, සංවිධානය තුළ ඉදිරියේදී සිදුවිය හැකි ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් ඔහුගේ ඉල්ලා අස්වීම සිදු ව ඇතැයි කීවද මේ අතර ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ සභාපතිතුවරයා ආයතනික වශයෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ දී දුර්වලතා දක්වා ඇතිබවයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේ සභාපතිවරයා ඉල්ලා අස්වූවා නොව ඔහු අස් කළ බවයි.

Chairman of Airport and Aviation Services

මේ අතර පසුගිය වකවානුවේ ආයතනය තුළ විවිධාකාර අයථා ක්‍රියා සිදුව ඇති බවත් පෞද්ගලික ව්‍යාපාර සිදුකිරීම් වී ඇති බවත් පැවසේ.

දේශපාලන අධිකාරිය පවා විශේශ වරප්‍රසාද ඉවත්කරගෙන සිටියදී මේ සභාපතිවරයා අනිසි වරප්‍රසාද භාවිතා කළ බවටත් ආයතනයේ පිරිස් චෝදනා කරයි.

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු, එම තනතුරේ රාජකාරි අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල වැඩබලන සභාපති ලෙස පත්කර ඇත.