පොලිසිය අට හැවිරිදි දැරියකට හදි කළ ගුරුවරයෙක්ව ලුහුබඳී

04.2023 blog qpms8ehfwgbbv3bt5548exz291607ubchfgbgpoj0g

ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් දඹුල්ල කොට්ඨාශයේ ප්‍රාථමික විදුහලක තුන්වැනි වසරේ පන්තියකට දරුවන්ට උගන්වන ගුරුවරයකුට එම වසරේම ඉගෙන ගන්න සිසුවියකට ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බවට එම දරුවාගේ දෙමව්පියන් දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කොට ඇත. පාසල් නිවාඩු කාලයේ උපකාරක පන්ති පවත්වන මුවාවෙන් තුන වසරේ දැරියකට ලිංගික අපයෝජන කළ ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක් යොදවා ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය කියයි.

පාසල් නිවාඩු සමයේ නොමිලේ පාසල තුළම උපකාරක පන්ති පැවැත්වීම එම ගුරුවරයා විසින් සිදුකරගෙන යනු ලබන බවත් ඒ සඳහා පැමිණි දරුවන් හට ඉගැන්වීම් කටයුතු සිදුකරන අවස්ථාවේ දී මෙම ගුරුවරයා එක දරුවෙකු ඔහුගේ ඔඩොක්කුවට රැගෙන අතවරය සිදුකර තිබෙන බවත් පැවසේ.

මෙම පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් යොදවා තිබෙන බව මුලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා සඳහන් කරයි.