සිරියානු භූමියෙන් ඉවත් වෙන්නයි චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලයි

China calls on Israel to withdraw from Syrian territory

සිරියාවට එරෙහි හමුදා මෙහෙයුම් නවතන ලෙසත්, වහාම සිරියානු භූමියෙන් ඉවත් වන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

සිරියානු ගැටළු සම්බන්ධයෙන් ඊයේ (22) පැවති ආරක්ෂක මණ්ඩල විවෘත සාකච්ඡාවකට එක් වෙමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව සඳහන් කළා.

චීනයේ ස්ථිර නියෝජිත Fu Cong පවසන්නේ, අවුරුදු 10කට වැඩි කාලයක තිස්සේ සිරියාව විශාල දුක්බරතාවයකට මුහුණ දී ඇති බවත්, එහි දේශපාලන ක්‍රියාවලිය නිරන්තරයෙන් වෙනස්කම්වලට ලක්වීම තුලින් සිරියාව දේශපාලනිකව අතරමං වී ඇති බවත්, එහි ජනතාව යුද්ධමය තත්වයන් හේතුවෙන් හෙම්බත් වී සිටින බවත්ය.

සිරියානු ජනතාවගේ මූලික අවශ්‍යතා මත පදනම් වූ උපදේශන සහ සන්නිවේදනය තුළින් සම්මුතියක් ගොඩනැගීම සඳහා චීනය සිරියානු සංක්‍රාන්ති රජයට සහාය දක්වන බව ද Fu Cong මහතා අවධාරණය කළේය.

ත්‍රස්තවාදයට එරෙහි වගකීම් නිසි ලෙස ඉටු කරන්න

31bde6d3 f2e5 4cef b8b5 9d13b2c81047

ත්‍රස්තවාදයට එරෙහි වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙස චීනය සිරියාවේ සංක්‍රාන්ති රජයෙන් ඉල්ලා සිටිනවා.

සිරියාව කිසිදු රටකට තර්ජනයක් නොවන බව සිරියානු සංක්‍රාන්ති රජය නැවත නැවතත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම කැපවීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ත්‍රස්ත විරෝධී වගකීම් ඵලදායි ලෙස ඉටු කරන ලෙසත්, ඒ ඔස්සේ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගන්නා ලෙසත් චීනය සිරියානු සංක්‍රාන්ති රජයෙන් ඉල්ලා සිටින බව චීන නියෝජිතයා මෙහිදී පැවසුවා.

සිරියානු ගැටළුව විසඳීම සඳහා මඟ පෙන්වනු ලබන ප්‍රධානතම දොරටුව වන්නේ ඉවසිලිවන්ත දේශපාලන ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීමයි.

සිරියාවේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සංවර්ධනය කඩිනමින් සාක්ෂාත් කර ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.