ගෙදර යන ගමන් ආව චීන ඇමති ලංකාවට වශී වෙයි.

g gc2slauaaqx73

අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර ඊයෙ (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi මහතා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මුණගැසිණ.

තමා ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට දැඩිව ඇලුම් කරන බව ද ශ්‍රී ලංකාව සංචාරය කිරීමට වඩාත් සුරක්ෂිත රටක් යන පණිවුඩය ලබා දෙන බව ද Wang Yi මහතා ප්‍රකාශ කර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බීජිං බලා විශේෂ ගුවන් යානයකින් පිටව ගියහ.