චීනය තවත් අත්හදා බැලීමේ චන්ද්‍රිකා සමූහයක් දියත් කරයි

China launches experimental satellites

චීනයේ ෂැන්ඩොං පළාතේ හයියැංග් වෙරළ තීරයට ඔබ්බෙන් වූ සාගර කලාපයේ සිට චීනය නව අත්හදා බැලීමේ චන්ද්‍රිකා සමූහයක් දියත් කර තිබෙනවා.

බෙයිජිං වේලාවෙන් ඊයේ (09) පෙ.ව. 5:01ට පමණ තායියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට මෙම චන්ද්‍රිකා සමූහය අභ්‍යවකාශගත කෙරුණේ, ලෝන්ග් මාර්ච්-11 වාහක රොකට්ටුව ආධාරයෙනි. එහිදී Shiyan-32 පරීක්ෂණ චන්ද්‍රිකා තුනක් සාර්ථකව කක්ෂයට ඇතුළු වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් අභ්‍යවකාශ පාදක තාක්ෂණයන්හි අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා අතර, මෙම දියත් කිරීම ලෝන්ග් මාර්ච් වාහක රොකට් මාලාවේ 606 වන පියාසැරි මෙහෙයුම සනිටුහන් කළේය.
මීට අමතරව, ලිජියන්-1 Y9 වාහක රොකට්ටුව ආධාරයෙන්, තාක්ෂණික අත්හදා බැලීමේ චන්ද්‍රිකා දෙකක් දියත් කිරීම ද චීනය ඊයේ (09) දින සිදු කළේය.

වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානය අසල ඩොංෆෙංග් වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් එම රොකට්ටුව දියත් කර ඇත්තේ බෙයිජිං වේලාවෙන් පෙ.ව. 11:32 ට පමණ. එම චන්ද්‍රිකා ද සැලසුම් කළ කක්ෂය වෙත සාර්ථකව ඇතුළු වූ බවයි චීන බලධාරීන් විදෙස් මාධ්‍ය වෙත දැනුම් දී ඇත්තේ.