තායිවාන දූපත වට කරමින් චීනය විශේෂ යුද අභ්‍යාසයක

china taiwan conflict

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය තායිවාන දූපත වටා මුර සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

යුද සූදානමක් වශයෙන් අද(29) ආරම්භ වූ එම මුර සංචාර සඳහා චීන නාවික හා ගුවන් හමුදා බලකායන් යොදවා ඇති බවයි චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

Justice Mission 2025

ඒ අනුව මෙම “Justice Mission 2025” යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බලකායේ භටයින් යොදවමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සහ තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කෙරෙනවා.

මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය, යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි මෙම යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

whatsapp image 2025 12 29 at 12.50.40 pm (1)

“Justice Mission 2025” යුද අභ්‍යාස , තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවයි චීනය පවසන්නේ. එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් බවත් Shi Yi මහතා වැඩිදුරටත් සඳහන් කළා.