උපත් අනුපාතිකය වේගයෙන් පහළ යාම හමුවේ චීන රජය ජනගහන වර්ධනය දිරිගැන්වීම සඳහා නවතම බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබේ.
මෙය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, චීනය තුළ අලෙවි කෙරෙන උපත් පාලන ද්‍රව්‍ය සඳහා 13%ක විකුණුම් බද්දක් (Sales Tax) පනවා ඇත. ඊට සමගාමීව, දරුවන් ලැබීම දිරිගැන්වීමේ පියවරක් ලෙස ළමා සුරැකුම් සේවා (Childcare services) සඳහා පැවති බදු මුදල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද බීජිං පාලනය පියවර ගෙන තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ පවතින ජනගහන අඩුවීමේ අර්බුදයට විසඳුමක් ලෙස, පවුල්වලට වැඩි දරුවන් සංඛ්‍යාවක් හදා වඩා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම නව ප්‍රතිපත්තියේ අරමුණ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.