ඩොලර් මිලියන දෙකක් දෙන්න IMF සලකා බලන හැඩ

imf sri lanka 782272

 ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමක් සළකා බලමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසයි.

මෙම ඉල්ලීම දැනට සළකා බලමින් පවතින අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ.

“දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී බලපෑම සහ විනාශය හමුවේ, මෙම ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලංකාවේ ජනතාවට අපගේ දැඩි ශෝකය පළ කරනවා. ශ්‍රී ලංකා බලධාරීන් වේගවත් මූල්‍යකරණ ලේඛනය (RFI) යටතේ මිලියන 150.5ක විශේෂ ලබා ගැනීමේ අයිතිවාසිකමක් සඳහා මූල්‍ය ආධාර ඉල්ලා තිබෙනවා.

මෙම ඉල්ලීම දැනට සළකා බලමින් පවතින අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වනවා.” යැයි ඔහු පවසා ඇත.