විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වන දා රැස්වූයේ ‘ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව’ බවට ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රකාශකයන් කරන අර්ථකථන සාවද්‍ය යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර පැවසීය.
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්කළ බවට රජය ජාත්‍යන්තර මාධ්‍යයට කරන ප්‍රකාශ මුළුමනින් ම අසත්‍ය යැයි ද සජබ මහ ලේකම්වරයා චෝදනා කළේ ය.
මෙවැනි ව්‍යවසනකාරී තත්ත්වයකදී සතියකට වතාවක්වත් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව රැස්විය යුතු යැයි ද ඔහු කීවේය.
ජනාධිපතිවරයා තවමත් ආපදා කළමනාකරණ ආයතන කිහිපයේ නිලධාරීන්වත් කැඳවා රැස්වීමක් පවත්වා නැති බව මහ ලේකම්වරයා කීය.
ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ස්ථාපිත කරනු ලැබුවේ 2004 වසරේදී ඇති වූ සුනාමි ව්‍යසනයත් සමග ආපදා කළමනාකරණය පිළිබඳව ඇති වූ ජාතික අවශ්‍යතාව මත පැන වූ 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනතට අනුවය.
මෙම සභාවේ සභාපති ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන අතර උප සභාපති ලෙස අග්‍රාමාත්‍යවරයාද, විපක්ෂ නායකවරයා හා අදාළ විෂයභාර අමාත්‍යවරුද කටයුතු කරති. ඊට අමතරව පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් (හෝ ඔවුන් නොමැති විට ආණ්ඩුකාරවරුන්) සහ පාර්ලිමේන්තුවෙන් නම් කරන ලද මන්ත්‍රිවරුන් විශේෂඥයෝ පස් දෙනකුද ඊට ඇතුළත් වෙති.