අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවිමේදි අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අල්ලස් කොමිසම විමර්ශන සිදුකරනවා. සිදුව ඇති එම අක්‍රමිකතා වලට අදාලව තමන් අත්අඩංගුවට ගැනිමට පෙර අපේක්ෂිත ඇප ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ඉල්ලා තිබුණා.
අනීතිකව අත්අඩංගුවට ගැනිමට සුදානම් වන බවට ප්‍රමාණවත් වන කරුණු එම ඇප ඉල්ලීමේ ඇතුළත් නොවන බව පවසමින් එය ප්‍රතික්ෂේප කිරිමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
2023 නොවැම්බර් 30 දින බීබීසී සිංහල වෙබ් අඩවියේ පළකර ඇති පුවතක සඳහන් වන්නේ මෙම ප්‍රදේශවල පවතින යුධ ගැටුම් හමුවේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙරට පුද්ගලයින් යැවීම ඔවුන්ගේ ජිවිත අනතුරේ හෙලීමක් බවයි.
බීබීසී සිංහල වෙබ් අඩවියට අදහස් දක්වමින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ මහතා කියා සිටියේ වෙනත් රටවල ශ්‍රමිකයින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවන ප්‍රදේශ පලස්තීනයෙන් උදුරා ගත්ත භූමියක් බවත් ඒ භූමිය සඳහා ලංකාවේ ජනතාව ශ්‍රමිකයන් විධියට යැවීම ගැන සම්පූර්ණ විරෝධය පළ කරන බවත්ය.
https://www.bbc.com/sinhala/articles/c51ev0j4m64o