ගෝඨාභය ආණ්ඩුවේ සීනි බදු වංචාවට අධිකරණයෙන් දින දෙයි

sugar tax fraud case

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීමේ රජයට රුපියල් කෝටි 1590ක් පාඩු වූ බව පවසමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන වසරේ ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) නියෝග කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙම පෙත්සම පිළිබඳව දැනුම් දීමේ නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කරනු ලැබුවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම ඊයේ (30) කැඳවනු ලැබුවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව Mar 10, 2021 මාර්තු 10 දින පාර්ලිමේන්තුවේදී මෙම සීනිබදු වංචාව පිළිබඳව පැවසූ අදහස්.