දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 193 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එම මධ්‍යස්ථානය පැවසුවේ, පුද්ගලයන් 228 දෙනෙකු අතුරුදන් වී බව ය.මේ වන විට පවුල් 266,144කට අයත් පුද්ගලයින් 968,304 දෙනෙකු විපතට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 41,005කට අදාළව පුද්ගලයින් 147,931 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 1,094ක රැඳී සිටින බව ය.
රටේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය
මේ සම්බන්ධයෙන් ලබන සඳුදා(01) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඉන්පසුව ඒ ගැන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර කථානායකවරයාද දැනුවත් කර ඉදිරි පක්ෂ නායක රැස්වීමකදී ඉතා කඩිනමින්ම දින දෙකක විවාදයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බව සඳහන් කළේය