කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලීසියේ කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයට ලද නිශ්චිත තොරතුරක් මත, දකුණු පළාත් පොලිස් කණ්ඩායමක්ද එක්ව මෙම වැටලීම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කර ක්‍රියාත්මක කළ බවය.