අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක හිටගන්න වෘත්තීය සමිති තීන්දු කරයි

615344791 1466092628220295 3889492772203764328 n

නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යක අව­ශ්‍ය­තාව පිළි­ගන්නා බවත් නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලි­යේදී රජය සමඟ එක්ව කට­යුතු කිරී­මට සූදා­නම් බවත් ගුරු වෘත්තීය සමිති නියෝ­ජි­තයෝ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමුවේ ඊයේ (13) ප්‍රකාශ කළහ.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය සමඟ ගුරු වෘත්තීය සමිති නියෝ­ජි­තයෝ මේ හමුව ඊයේ (13) සවස පැවැ­ත්විය.

එහිදී නියෝ­ජි­ත­වරු පැව­සුවේ 6 ශ්‍රේණියේ විෂය නිර්දේ­ශය නව සංශෝ­ධ­න­ය­කට ලක් විය යුතු බවයි.

එහිදී ජනා­ධි­ප­ති­ව­රයා විසින්, නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී රජය සමඟ එක්ව කට­යුතු කරන ලෙස ගුරු වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන්ට ආරා­ධනා කළේය.

615774974 1466092704886954 5100932696668199692 n

ජාතික අධ්‍යා­පන කොමි­සම, ජාතික අධ්‍යා­පන ආය­ත­නය, අධ්‍යා­ප­න­ඥ­යන්, නීති­ඥ­යන්, විශ්ව­වි­ද්‍යාල ආචාර්ය, මහා­චා­ර්ය­වරු සහ අධ්‍යා­පන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝ­ජි­ත­ය­න්ගෙන් සම­න්විත විධි­මත් යන්ත්‍ර­ණ­යක අධී­ක්ෂ­ණය යටතේ එම කට­යුතු සිදු කිරී­ම­ටද ඔවුන් මෙහිදී යෝජනා කළහ. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සාර්ථක කර ගැනී­මට නම් ගුරු­ව­රුන්ගේ සහ මවු­පි­යන්ගේ විශ්වා­සය දිනා ගැනීම අත්‍ය­වශ්‍ය බවත්, සැක­යක් හෝ අවි­ශ්වා­ස­යක් සහි­තව පරි­ව­ර්ත­න­යක් සිදු කළ නොහැකි බවත් එහිදී පෙන්වා දුන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලදී රජය සමඟ එක්ව කට­යුතු කරන ලෙසද ගුරු වෘත්තීය සමිති නියෝ­ජි­ත­යන්ට ආරා­ධනා කළේය. රජය ආරම්භ කර ඇති නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ව­ලිය පිළි­බඳ මෙහිදී ගුරු වෘත්තීය සංගම් නියෝ­ජි­ත­යන් දැනු­වත් කළ ජනා­ධි­ප­ති­ව­රයා පළමු ශ්‍රේණියේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සැල­සුම් කළ පරිදි ක්‍රියා­ත්මක කරන නමුත්, මොඩි­යුල සකස් කිරී­මේදී පව­තින ගැටලු, ගුරු පුහුණු කිරීමේ ප්‍රමා­දය සහ තාක්ෂ­ණික ගැටලු මඟ හරවා ගනි­මින් 06 ශ්‍රේණියේ ප්‍රති­සං­ස්ක­රණ ආරම්භ කිරීම 2027 වස­රේදී සිදු කිරී­මට අපේක්ෂා කරන බවද පැවැ­සීය. ප්‍රති­සං­ස්ක­රණ සඳහා අවශ්‍ය ස්මාර්ට් පුවරු, රූප­වා­හිනී සහ පරි­ග­ණක වැනි යටි­තල පහ­සු­කම් දෙම­වු­පි­යන්ගේ මුද­ලින් නොව රජයේ මූල්‍ය ප්‍රති­පා­දන මත ලබා­දී­මට කට­යුතු කරන බවද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පැවැ­සීය. අන්තර් පළාත් ගුරු මාරු­වීම්, උස­ස්වීම්, වැටුප් විෂ­මතා සහ විදු­හ­ල්පති සේවාවේ ගැටලු පිළි­බඳ ද මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­න­යට යොමු කෙරිණි.

615374825 1466092754886949 4003908843680107070 n

මෙම අව­ස්ථාව සඳහා ලංකා පිරි­වෙන් ගුරු සේවා සංග­මයේ සභා­පති පූජ්‍ය වක­මුල්ලේ උදිත හිමි, සමස්ත ලංකා එක්සත් ගුරු සංග­මයේ සභා­පති පූජ්‍ය යල්වෙල පඤ්ඤා­සේ­කර හිමි, ලංකා ගුරු සංග­මයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංග­මයේ සභා­පති ධම්මික අල­හ­ප්පෙ­රුම, අධ්‍යා­පන සමූ­ප­කා­රයේ සභා­පති එම්.ජී.පී.එල්. ලාල් කුමාර, විදු­හ­ල්පති සේවා සංග­මයේ ජාතික සංවි­ධා­යක සිසිර රාජ­පක්‍ෂ මහ­ත්වරු ඇතුළු ගුරු වෘත්තීය සමිති සංගම් රැසක් නියෝ­ජ­නය කර­මින් නියෝ­ජි­තයෝ එක්ව සිටි­යහ. කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ මහ­තාද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යේය