ෆයිසර්ගේ තැන විජේදාස ට

image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළෂ දිස්ත්‍රීක් නායකයා ලෙස කටයතු කල පා.ම ෆයිසර් මුස්තාපා මහතා එම තනතුරෙන් ඉවත්කර හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම තනතුර සඳහා පත්කර ඇති බවට වාර්තා වෙනවා.

ඒ අනුව, ඊයේ (12) දින විජයදාස රාජපක්ෂ මහතාට නව තනතුරු කිහිපයක් පිරිනමා තිබෙනවා, මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ⁣යේ දේශපාලන මණ්ඩල සාමාජික යන තනතුරු පිරිනමා ඇති බවට වාර්තාවෙනවා.

හෙට (14) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදි පැවැත්වීමට නියමිත අතර, එහිදී විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ⁣ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් ලබාදීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසි ඇති බව වාර්තා වේ.