පාවහන් තිළිණපතේ වලංගුව දික් වෙයි

පාවහන් තිළිණපත

2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන් සිසුන් මුලික කරගෙන ලබාදෙන රු 3000 ක වටිනාකමක් සහිතපාවහන් තිළිණපත් ලබාදීමේ වැඩසටහනේ කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම තිළිණපත් වල වලංගු කාලය ලබන 15 දිනෙන් අවසන් වීමට තිබුණා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එහි වලංගු කාලය ලබන 28 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.