ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තා වෙනවා.
මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයැදුම්පත්‍රයක් යොමු කළ බවයි.