සමාජ මාධ්‍යවල පැතිර යමින් තිබෙන චෝදනා පිළිබඳව නිහඬතාවය බිඳ දමා ගයත්‍රී ඩයස් තම මුහුනුපොතේ සටහනක් තබා තිබෙනවා, තමන්ට එරෙහිව එල්ල වූ සියලුම චෝදනා අසත්‍ය, හිතකර නොවන සහ පදනම් විරහිත බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
කෙහෙල්බද්දර පද්මේ නමින් හඳුන්වන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයා සමග සම්බන්ධතා පවතින බවට සමාජ මාධ්‍යවල පැතිර ගිය ප්‍රචාරවලට ප්‍රතිචාර දක්වමින් ගායත්‍රි ඩයස් මහත්මිය පවසා ඇත්තේ
“මා වැරදිකරුවෙකු නම් ඒ මා කලාකාරිනියක වීමයි…”
තමන්ට එරෙහිව සමාජ මාධ්‍යවල පැතිරෙන සියලුම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මෙම ප්‍රචාර ඉතා අහිතකර සහ තම පවුලට හානිකර බවත් කිසිදු පදනමක් නොමැති මෙම චෝදනා තමාට මානසිකව බලපා ඇති බවත් ගයත්‍රී ඩයස් මහත්මිය පවසනවා.
ගායත්‍රි ඩයස් සිය සටහනින් අවධාරණය කරන්නේ, තමන් කලා ක්ෂේත්‍රයේ නිරත වන ශිල්පියෙකු ලෙස සේවය කිරීම නිසා මෙවැනි අසත්‍ය චෝදනාවලට මුහුණ දීම අසාධාරණ බවයි.