මිනිස්සු බඩගින්නේ නෑ-බිමල්

psx 20251010 120023

මිනිස්සු බඩගින්නේ තමයි-රාසමාණික්කම්

ආපදා තත්ත්වයක් රට තුළ ඇතත් දැනට කුසගින්නේ කිසිවෙකු නැතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ඒ, පෙරේදා (දෙසැ. 3) පාර්ලිමේන්තුවේදී ය.

“මම විපක්ෂයට කියනවා මූණ දිහා බලලා කතා කරන්න ඉඩ තියාගන්න කියලා. අපි බලාපොරොත්තු නොවන ආකාරයට හෘද සාක්ෂියට දරාගන්න නොහැකි ආකාරයට ඉතාමත් ම නපුරු ප්‍රවේශයක් මේ අපි දකින්නේ. පක්ෂයක් ලෙස මෙම ස්වාභාවික අනතුරුවලදී හෝල් හාර්ටඩ් ලෙස වැඩ කරලා තිබෙනවා. ඒ වගේ ම අපි ඇති තරම් මිනී ඇදලා තියෙනවා 2004දී. ඒ වගේ ම මම කණගාටු වෙනවා නුවර සිද්ධිය ගැන. පොඩ්ඩක්වත් හෘද සාක්ෂියක් නැද්ද? අපේ රට භාර ගන්න කොට මීට වඩා දරුණු ආර්ථික අර්බුදයක් තිබුණේ. අපි කිසිම ආකාරයක වැරදි පාරක නොගිය නිසයි අද ආර්ථික හා දේශපාලන ස්ථාවරයකට රට පත් කරගන්න හැකි වුණේ. අපි ආව මොහොතේ සිට ප්‍රාර්ථනා කළේ මේක අද වැටෙයි හෙට වැටෙයි කියලා. මේ අවුරුද්ද අපි හරියට කරලා තියෙනවා. බාහිර සාධකවලින් අපි වැටෙයි කියලා හිතනවා. අපිට මේ හැම වෙලාවෙම සිතිජය පේනවා. ඒ වගේම විපක්ෂයේත් ඉන්නවා හොඳට වැඩ කරන හොඳ අවංක අය. ඔය බොරු කුමාරවරු වගේ නෙවෙයි.” ඔහු කීය.

ආපදාවට ලක් වූ ප්‍රදේශවල බොහෝ පිරිසක් තවමත් කුසගින්නේ සිටින බව ත් ඇමති බිමල් රත්නායක මිනිසුන් කුසගින්නේ නැතැයි කියා පවසන්නේ කුමන ගණන් හැදිල්ල යටතේ දැයි ප්‍රශ්නයක් බව ත් ඉලංකෙයි තමිල්අරසු කච්චි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් කීය.උදාහරණයක් ලෙස ගම්පොළ ඇතුළු බොහෝ ප්‍රදේශවල පිරිස් තවමත් කුසගින්නේ සිටින අතර ඊයේ (දෙසැ. 4) වන විටත් රජය පාර්ශ්වයෙන් හමුදාව, පොලිසිය හෝ කිසිම පුද්ගලයෙක් නොගිය ආපදාවට ලක් වූ පළාත් බොහොමයක් ඇති බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

රජය සියල්ල කරනවා යැයි පවසමින් ඉතා උද්දච්ච මානසිකත්වයෙන් හැසිරෙන බිමල් රත්නායක ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳව මේ මොහොතේ තමා කණගාටුවට පත්වන බව ද ඔහු පැවැසීය.