තනතුරු අත්හැරිය ඉම්තියාස් ‘අකමැති චරිතයක්’ගැන හෙලිදරව්වකට සැරසෙයි

Imthiaz Bakeer Markar

හිටපු ඇමතිවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ සභාපතිවරයාද වූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පසුගිය දිනවල දේශපාලනයෙන් ඈත් වී නිහඩව සිටි අතර ඒ පිළිබඳව බොහෝ දෙනකු විමතියට පත් විය.
කෙසේ වෙතත් මාස කිහිපයක් නිහඩව සිටි හෙතෙම ලබන මාර්තුවේදී එම නිහඬ බව බිඳීමට සූදානම් බව වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවස්ථා කිහිපයකදීම ඔහුට ආරාධනා කොට සිටියේ පක්ෂයේ සභාපති තනතුර භාරගන්නා ලෙසය. කෙසේ වෙතත් ඔහු එය නිහඬවම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඔහු නැවතත් සුපුරුදු දේශපාලන කටයුතුවල නියැලෙනවාද,නැත්නම් වෙනත් කටයුත්තක් සඳහා යොමු වෙනවාද යන්න පිළිබඳව ලබන මාර්තු මාසයේදී හෙලිවනු ඇතැයි පැවසේ.

ගත් කතුවරයෙකු ලෙස මෙරට සාහිත්‍යට සුවිශේෂී කෘති රැසක් දායද කළ හෙතෙම මගේ හද ගැස්ම,මා අකමැතිව සිටි ජේ.ආර්,දේශප්‍රේමයේ කැඩපත,හිතු මත,ඉදයම් පේසුහිරදු,නාඩුවදු නලම්,බියෝන් කොමන් නැරේටිවුස්,සිතමු,මගේ කතාව,පලස්තීනය,හෘද සාක්ෂිය,පලස්තීනය(දෙමළ) වැනි කෘති ඒ අතර වෙයි.එයින් සිතමු තීරු ලිිිපි කෘතිය විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙළේ හෝඳම තීරු ලිපි එකතුව ලෙස අවසන් වටයට නිර්දේශ විය.

මේ දිනවල ඔහු ඉතාම සුවිශේෂී කාර්‍යකට සැරසෙමින් සිටින බව ත් වාර්තා වේ. ඒ තමන් අතිශයින්ම අකමැතිව සිටි චරිතයක් ගැන හෙලිදරව් කිරීමට ය.

පහත පලවන්නේ ඔහු සිය හෘදසාක්ෂිය කෘතිය ජනගත කළ දා සිදුකළ කතාවයි.