පුද්ගලයන් 12 දෙනකු මරු කැඳවමින් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේ ඉකුත් අඟහරුවාදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත්,ඉකුත් සඳුදා සවස ඉන්දියාවේ දිල්ලියේ රතු බලකොටුව අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් සමග දකුණු ආසියාවේ සෙසු රටවල් සිය ආරක්ෂාව පිලිබඳව දැඩි අවධානයක් යොමුකර තිබෙන බව වාර්තා වේ.
ශ්‍රීලංකාව්ද බුද්ධි අංශ සිය අවධානය සහ විමර්ෂණ කටයුතු පුළුල්කර ඇති අතර ආරක්ෂන අංශද ඒ් පිළිබඳව විශේ
ෂ මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඉස්ලාමාබාද් නගරයේ ඉකුත් අඟහරුවාදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ඇෆ්ගනිස්ථාන ජාතිකයකු බව පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමැති මොසින් නක්වී පවසා තිබේ.