ජපානයේ ඊසාන දිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6යි දශම 7ක ප්‍රබල භූමිකම්පාවක් අද පෙරවරුවේ ඇතිව තිබෙන අතර, අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් එරට වේලාවෙන් පෙරවරු 11යි 44ට පමණ කිලෝමීටර 20ක් ගැඹුරකින් එය සිදුවී තිබේ.ෙ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය දන්වා ඇත්තේ මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 1ක් දක්වා ඉහළ යා හැකි බවය. මේ අතර පසුගිය සඳුදා ද එම කලාපයේ රික්ටර් මාපකයේ 7යි දශම 5ක ප්‍රබල භූමිකම්පාවක් ඇති විය.
එම භූමිකම්පාවෙන් පසු උතුරු හොක්කයිඩෝ සිට ටෝකියෝවේ නැගෙනහිරින් චිබා දක්වා වූ ප්‍රදේශයක යළිත් ප්‍රබල භූමිකම්පාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස රජය එහි ජනතාවට විශේෂ දැනුම්දීම් ද නිකුත් කර තිබුණි.