“විපත අවම කරගන්න දේශපාලන නායකත්වයක් දීලා නැහැ” – කබීර් හෂීම් (VIDEO)

kabir hashim

විපත අවම කරගැනීම සඳහා දේශපාලන නායකත්වයක් නිසි ආකාරයෙන් ලබා දී නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා කරනවා.

ඔහු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 12වනදා අනතුරු ඇඟවීම් කර තිබියදී ආණ්ඩුව ඒ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු නොකළ බවයි.

2005 වර්ෂයේ ආපදා කළමනාකරණ කවුන්සිලය පිහිටුවා මෙවැනි අවස්තාවක දී සර්වපාක්ෂිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාවලියක් සකස් කර තිබිය දී ජනාධිපති ආපදා කළමනාකරණ කවුන්සිලය කැඳවීමට කටයුතු නොකළ බවයි.

ආණ්ඩුවට චෝදනා කරමින් පසුගිය දා කබීර් හෂීම් මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යාමටද කටයුතු කර තිබුනා.

විපක්ෂයේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙවැනි ආපදා තත්වයක් පිළිබඳව කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම් නොකළ බවත් විවිධ මාධ්‍ය ආයතන තොරතුරු පටලවමින් සමාජය තුළ සාවද්‍ය මතයක් ඇතිකිරීමට උත්සහ කරමින් සිටින බවත්ය.