නීතිඥ ලෝගුවට සැඟවී සංජීව ඝාතනයට අනුබලදුන් නීතිඥවරිය පොලිස් දැලේ

Thamara Abeyrathne

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ (28) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නීතිඥවරියකගේ නම තමරා අබේරත්න වන අතර ඇය ඝාතනය සඳහා ගිනි අවිය ගෙනයාමට අවශ්‍ය පොත ලබාදීමට සහ ව්‍යාජ නීතිඥ හැදුනුම්පත සෑකසීමට උදව් කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

CID ය විසින් ඊයේ (ඔක්තෝබර් 28) රාත්‍රී කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම නීතිඥවරියට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වන්නේ ඝාතනය සඳහා පැමිණි ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිට, පිස්තෝලය අධිකරණ පරිශ්‍රය තුළට රහසිගතව රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දීම සහ ඉෂාරා සෙව්වන්දිට පලා යාමට හැකි වන පරිදි නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දීමයි.

මෙම ඝාතනය සඳහා වෙඩික්කරු නීතිඥයෙකු ලෙස වෙස්වලාගෙන අධිකරණ භූමියට පැමිණ ඇති අතර, අනතුරුව නීතිඥවරියක ලෙස වෙස්වලාගත් ඉෂාරා සෙව්වන්දි විසින් සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණි ගිනි අවිය ලබාගෙන ඝාතනය සිදුකර තිබුනා. වෙඩික්කරු එදිනම අත්අඩංගුවට ගත්තද, ඉෂාරා සෙව්වන්දි මාස කිහිපයකට පසු නේපාලයේ සැඟවී සිටියදී පසුගිය ඔක්තෝබර් 14 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා.