නත්තල වෙනුවෙන් “Lights of Hope”

whatsapp image 2025 12 09 at 5.50.23 pm

දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ විනාශයෙන් ශ්‍රී ලංකාවේ  ජීවිත අහිමි ව සහ, අවතැන් වූ පවුල් ද සහිතව රට පුරා ප්‍රජාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අවස්ථාවේ මෙවර නත්තල් වැඩසටහන ‘බලාපොරොත්තුවේ පහන් පූජාවක්‘ ලෙස පැවැත්වීමට බස්නාහිර පළාත් සභාව,කොළඹ මහ නගර සභාව තීරණය කොට තිබේ. දෙසැප්බර් 14 ඉරුදින මෙම “Lights of Hope” වැඩසටහන ගාලුමුවදොරදී පැවැත්වේ.

ඒ අනුව අහිමි වූවන්ට ගෞරව කිරීමට, ජීවිත ගලවා ගත් අයට ශක්තියක් වීමට සහ පරිත්‍යාගශීලී ආත්මයකින් එක්වීමට රට පෙළඹවීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ පෙළේ සමාගම්ද මෙයට අනුග්‍රහකත්වයෙන් සම්බන්ධ වේ.මෙහිදී පරිත්‍යාගයන්ද බලාපොරොත්තු වන අතර කොළඹ මහ නගර සභා ශාලාවේ සහන සැලසීමේ ස්ථාන දැනටමත් පිහිටුවා ඇත. ගාලු මුවදොර පිටියේ Hope  කලාපයේ ද පරිත්‍යාගයන් සඳහා අවස්ථාව වෙන්කොට තිබේ.

2ce96fa5 bcc6 4213 999b c1a79413ea0a