ගමේ මිනිස්සු බේරගන්න ගිය ගුවන් නියමුවාට ගමෙන් වෙච්ච දේ!

1764556860 wing commander nirmal siyambalapitiya l

ලුණුවිල හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය වසර 20කටත් වඩා සේවා කාලයක් ඇති දක්ෂ ගුවන් නියමුවෙකි.

ඔහු වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට ගුවන් යානය පදවාගෙන ගියේ එම ස්ථානයේ විපතට පත්වී සිටි ජනතාවට ගුවනේ සිට ආහාර ලබාදී තවත් ස්ථානයකට යෑමට වුවත් හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා ඔහු එහි රැස්ව සිටි ජනතාවටත් හානියක් නොවන පරිදි බෙල් 212 හෙලිකොප්ටර් යානය ආරක්ෂිත ස්ථානය වන ගිං ඔයට පහත් කිරීමට ගොස් අනතුරට පත්වීමෙන් ඔහුගේ ජීවිතය අහිමි වෙන්නට ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ පැවසීය.

මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා උසස් නිලධාරියෙක් ඇතුළු නිලධාරීන් 09 දෙනකුගෙන් යුත් කමිටුවක් ගුවන් හමුදාපතිවරයා විසින් පත්කර තිබෙන බවද හෙතෙම පැවසීය.

වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා 2005 වසරේ ගුවන් හමුදාවට බැඳුණු වින්ග් කමාන්ඩර් නිර්මාල් වසර 20කට වඩා සේවා කාලයක් මෙන්ම ගුවන් පියාසර පැය 3000කට වඩා පියාසර කළ දක්ෂ ගුවන් නියමුවෙකි. 41 හැවිරිදි වියේ පසු වූ ඔහු බෙල් 212 හෙලිකොප්ටර් යානයෙන් සහාය නියමුවා සහ තවත් තිදෙනකු සමග ගුවන්ගත වන්නේ පෙරේදා (30දා) සවස 5.40ට පමණය.

වීඩියෝ කරමින් පැමිණි පිරිස ඉවත් කරගන්න හෙලිකොප්ටරයේ පිරිස වෑයම් කරන අයුරු කැමරාවේ මෙලෙස සටහන්ව ඇත.

දින කිහිපයක් තිස්සේ විපතට පත් ජනතාව මුදාගැනීමට සහ ඔවුන්ට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 09ක් යොදා තිබූ අතර ඉන් එක් යානයක ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළේ නිර්මාල් සියඹලාපිටිය ය.

ඔහු ඇතුළු කණ්ඩායමට පැවරී තිබුණේ ලුණුවිල ප්‍රදේශයට සහ තවත් ස්ථාන කිහිපයකට ආහාර ලබාදීමටය.

මෙම හෙලිකොප්ටර් යානයෙන් රැගෙන ගිය ආහාර පාර්සල් අඩි 75ක පමණ උසක සිට බිමට මුදාහැර නැවත වෙනත් ස්ථානයකට යෑමට උත්සාහ කළ අවස්ථාවේ හෙලිකොප්ටරයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසා එය අනතුරට පත්වන්නට ඇති බවට සැකකරන බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයෙන් පසු අනතුර පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගීගනගේ කීය.

මියගිය සියඹලාපිටිය වෙන්නප්පුව ප්‍රදේශයේම ඉපිද වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අයහපත් කාලගුණයෙන් එම ප්‍රදේශයේම විපතට පත් ජනතාවට සේවය කිරීමට ගොස් ජීවිතය අහිමිවීම දෛවයේ සරදමක් දැයි කෙනකුට සිතිය හැකිය.

වෙන්නප්පුව කිරිමැටියාන තුලාවල ඔහුගේ ගම් ප්‍රදේශයයි.

හදිසියේ ජීවිතයෙන් සමුගත් මෙම ගුවන් නියමුවා ගැන සමාජ මාධ්‍ය පුරා සංවේදී සටහන් බොහෝමයක් පළ වී තිබුණි.

මේ එවන් එක් උපුටාගැනීමකි…

පුංචි ..පුතකුගේ ආදරණීය පියකු වූ නිර්මාල් 
DITWA සුළි කුණාටුව නිසා 
තම …ජීවිතය අකල් හි පූජා කල 
ශ්‍රී ලාංකිකයන් අතරට 
ඊයේ දිනයේදී එක්වුවේ 
මිල කල නොහැකි  ශ්‍රී ලාංකික 
ගුවන් නියමුවරයෙක් ලෙස ..
රටේ හදවත් තුල 
නොමැකෙන සිහිවටනයක් තබමින්…

රටේ සෑම ප්‍රදේ­ශ­ය­කම වෙසෙන විශාල පිරි­සක් මේ තත්ත්වය හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින අතර මෙය මෑතක දී ශ්‍රී ලංකා­වට බලපෑ දරුණු වැසි තත්ත්ව­යක් බවට කාල­ගුණ අංශ පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්ව­යක දී තම දිවි දෙවැනි කොට පීඩා­වට පත්ව සිටින ජන­තාව බේරා­ගැ­නීම වෙනු­වෙන් ඉදි­රි­පත්ව සිටින පිරි­සට ජාතියේ ගෞර­වය නොම­ඳව හිමි­විය යුතුය. පීඩා­වට පත්ව සිටින ජන­තාව නිරු­ප­ද්‍රි­තව බේරා ගනි­මින් ආර­ක්ෂිත ස්ථාන කරා යොමු කිරීම වෙනු­වෙන් ශ්‍රී ලංකා ගුවන් හමු­දාව ඉටු­ක­රන කාර්යය සුළු­පටු නොවේ.

මෙලෙස ශ්‍රී ලංකා­වට බලපා තිබෙන අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින ජන­තාව බේරා ගැනීමේ අර­මුණ ඇතිව පියා­සර කළ බෙල්- 212 හෙලි­කො­ප්ටර් යානය පෙරේදා (30) වෙන්න­ප්පුව, ලුණු­විල පාලම ආස­න්නයේ දී අන­තු­රට ලක්විය. ඒ අව­ස්ථාවේ මේ හෙලි­කො­ප්ටර් යානයේ ප්‍රධාන නිය­මුවා වශ­යෙන් කට­යුතු කළේ ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සතු පළ­පු­රුදු නිය­මු­වෙකු වන වින්ක­මා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය මහ­තායි. ඔහු සමඟ තවත් නිය­මු­වෙක් හා සෙසු නිල­යන් තිදෙ­නෙක් මේ ගුවන් චාරි­කා­වට එක්විය.

කෙසේ වෙතත් අවා­ස­නා­වන්ත ලෙස ප්‍රධාන නිය­මුවා වශ­යෙන් කට­යුතු කළ වින්ක­මා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය මහතා එම ගුවන් අන­තු­රින් ජීවි­ත­ක්ෂ­යට පත්විය. ලක්වාසී ජන හද­ව­ත්වල නොමැ­කෙන සිහි­ව­ට­න­යක් තබ­මින් ඒ මහතා මිය­ගියේ ව්‍යස­න­කාරී තත්ත්වය හේතු­වෙන් තම ජීවි­තය ශ්‍රී ලාංකික ගුවන් නිය­මු­වෙක් ලෙසය.

2005 වසරේ ජූලි මස 6දා ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට එක්ව තිබෙන වින්ක­මා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය මේ වන විට සම්පූර්ණ කර තිබෙන පියා­සර පැය ගණන 3000කි. ශ්‍රී ලංකා ගුවන් හමු­දාව සතුව සිටි අත්දැ­කීම් රැස­කින් සම­න්විත පළ­පු­රුදු නිය­මු­වෙක් වන වින්ක­මා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය දේශීය වශ­යෙන් මෙන්ම විදේ­ශීය වශ­යෙන් ද පුහු­ණුව ලබා තිබේ. දකුණු සුඩා­නයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙ­යු­ම්වල රාජ­කාරි කට­යුතු සිදු­කර තිබෙන ඔහු තම වෘත්තීය ජීවි­තයේ කැප­වී­මෙන් කට­යුතු කර තිබේ.

විසි වස­රක කීර්ති­මත් වෘත්තීය ජීවි­තයේ ඔහු VVIP කපි­තා­න්ව­ර­යකු සහ මාස්ටර් ග්‍රීන් ශ්‍රේණි­ගත නිය­මු­වකු ලෙස කට­යුතු කර තිබෙන අතර බෙල් 412, බෙල් 212, Mi-17 සහ ජෙට් රේන්ජර් ගුවන් යානා­වල නිය­මු­වකු ලෙස කට­යුතු කර ඇත. මිය යන­විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්ම­ලාන කඳ­වුරේ අංක 4 හෙලි­කො­ප්ටර් බල­ග­ණයේ සේවය කර තිබේ.

ජාතික ආර­ක්ෂාව සහ මානු­ෂීය මෙහෙ­යුම් සඳහා ඔහු දැක්වූ දාය­ක­ත්වය වෙනු­වෙන්, වින්ක­මා­න්ඩර් සිය­ඹ­ලා­පි­ටි­යට නැඟෙ­න­හිර මානු­ෂීය ව්‍යාපාර පද­ක්කම, උතුරු මානු­ෂීය ව්‍යාපාර පද­ක්කම, විදේශ සේවා පද­ක්කම සහ එක්සත් ජාතීන්ගේ පද­ක්කම – දකුණු සුඩා­නය යන සම්මාන හිමි­ක­ර­ගෙන තිබෙන අතර මෑතක දී දිට්වා සුළි කුණා­ටු­වෙන් ඇති වූ විනා­ශ­කාරී ගංව­තු­රෙන් පසු මානු­ෂීය ආධාර සහ ආපදා සහන මෙහෙ­යු­ම්ව­ලදී, ඔහු ධෛර්ය­ය­කින් යුතුව රාජ­කා­රියේ යෙදී සිටි­යේය.

වෙන්න­ප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යා­ලයේ කීර්ති­මත් ආදි ශිෂ්‍ය­යකු වූ වින්ක­මා­න්ඩර් නිර්මාල් සිය­ඹ­ලා­පි­ටිය මහතා එක්දරු පියෙකි. ඔහුගේ දේහය නො. 110, නව ගුවන් තොටු­පොළ පාර, රත්ම­ලාන ලිපි­නයේ පිහිටි නිවෙස වෙත රැගෙන ඒමට නිය­මි­තයි.