හිටපු ජනාධිපති ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි තවදුරටත් රිමාන්ඩ්

nevil wanniarachchi

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් 31 වන දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ මහ අධිකරණය විසින් නියෝග කර ඇත.

අනීතික ලෙස රුපියල් මිලියන 28කට අධික සම්පත් රැස් කිරීම සම්බන්ධයෙන් ඔහුව පසුගිය දා (2025.10.02) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම නඩුව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතර, සැකකරු ඔක්තෝබර් 31 දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබා ඇත.

රාජ්‍ය නිලධාරීන් සහ ඉහළ තනතුරු දරන්නන් අතර දූෂණ චෝදනා සහ අවනීත ලෙස සම්පත් රැස් කිරීම් වැළැක්වීම සඳහා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෑතකදී සිදු කරන ලද පරීක්ෂණ මාලාවේ කොටසක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.