සජිත්ලා පිටවුණත් ජනපතිව හමුවූ පක්ෂ නායකයා

anura dissanayake 2024.09.08 1

පසුගියදා අයවැය තෙවනවර කියවීමේ පිළිතුරු කතාව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදුකිරීමෙන් පසු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ජනාධිපති දිසානායක මහතාව  මුණගැසී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතන විට, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සභාවෙන් පිටව ගිය නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සභාගැබේ සිට ඇත.

 උඩරට ප්‍රදේශයේ දරුණුතම බලපෑමට ලක් වූ වතු ජනතාවගේ දුක්ඛිත තත්ත්වය පෙන්වා දෙමින්, එම පවුල්වලට පදිංචි විය හැකි ප්‍රදේශවල ඉඩම් ලබා දෙන ලෙසත්, අනාගතයේදී සිදුවීමට නියමිත ස්වාභාවික විපත් වළක්වා ගන්නා ලෙසත් ඔහු ජනාධිපතිවරයාට යෝජනා කළේය.

අනාගතයේදී ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල පවුල්වලට ජීවත් වීමට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා සිය කතාවේදී දුන් සහතිකය ගැන ද ගනේෂන් සඳහන් කර ඇති අතර වතුසමාගම් සතුව ජනතාවට පදිංචිවිය හැකි ඉඩම් ඇති බව මනෝ ගනේෂන් පවසා ඇත.  “නියමයි, අපි ඒ ඉඩම් සොයා ගනිමු. ඔබටත් අපට සහාය දෙන්න පුළුවන්” යනුවෙන් ජනාධිපතිවරයා පවසා ඇත.