ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන මාධ්‍යවේදීන් සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සජිත් ප්‍රේමදාස මහතා,
“වසර 25ක කාලයක් සේවය කර තිබෙන විවිධ කුසලතා සහිත මෑන්පවර් සේවකයන් සියලු දෙනා ස්ථිර කරන්න වත්මන් අය – වැයේ අදාළ යෝජනාව යටතේ කටයුතු කරන්න කියා ඉල්ලීමක් කරනවා. දිගුකල් සේවයේ නිරත වීම තුළ ඔවුන්ට ලොකු අත්දැකීමක් තිබෙනවා සේවය කිරීම පිළිබඳව.
රැකියා ක්‍රමවේදයක් අලුතින් නිර්මාණයකොට ඔවුන්ට අවස්ථාව දීම ඔවුන් බාහිර සේවකයන් ලෙස සැලකීමේ ක්‍රමවේදය නැති කළ යුතු වෙනවා. මේ රටට විශාල සේවයක් කළ ආබාධිත රණවිරුවන්, අයිතිවාසිකම් අහිමි වීමෙන් විවිධ ගැටලුවලට මුහුණදී සිටිනවා. අද ඔවුන්ට ලැබෙනවා කියූ හිමිකම ද ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආබාධිත රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ට හා මවුපියන්ට හිමි වන දීමනාව ද නතර කර තිබෙනවා. රණවිරුවන්ගේ සියලු අයිතිවාසිකම් නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න කටයුතු කරන්න. ගෙවිය යුතු හිඟ දීමනා ගෙවන්න.”
රජයේ වගකීමක් තිබෙනවා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන මාධ්‍ය ක්ෂේත්රය සුරක්ෂිත කිරීමට. මාධ්‍යවේදීන්ගේ වටිනාකම තේරෙන්නේ බලයේ නොමැති විට ද? මාධ්‍ය ක්ෂේත්රයට නිදහස ලබාදීලා ප්රජාතන්ත්රවාදය සුරක්ෂා කරන්න කියා ඉල්ලනවා. අපේ රටේ නිදහස් මාධ්‍යය විනාශ කරන්න එපා.”