Fake news ප්‍රචාරය කරන්නන්ට ඇමතිගෙන් Warning

Fake news

විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් තැනක දී ජනතාවගේ විශ්වාසය බිඳුනහොත් රට ඉදිරියට පවත්වාගෙන යෑමේ අසීරුතාවයක් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ සියලු නාලිකා සඳහා බලපත්‍ර ලබා දී ඇත්තේ තාවකාලිකව බවත් මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන්, ආර්ථිකය සම්බන්ධයෙන්, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හානිදායක සහ වැරදි සහගත හෝ විකෘත්ති (Fake News) තොරතුරු ප්‍රචාරය කළහොත් එම බලපත්‍ර නැවත කැඳවීමට ජන මාධ්‍ය අමාත්‍යංශයට හැකියාව පවතින බවත්ය.

විකෘත්ති තොරතුරු ප්‍රචාරය කළහොත් බලපත්‍ර ලබාදීමේදී දී ඇතිකරගත් කොන්දේසි බලාත්මක කරනවා

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන තෙක් මාධ්‍ය ආයතන විසින් සිදු කළ වැරදි ප්‍රචාරණ සඳහා ලිපියකින් පමණක් නිවැරදිකිරීමක් ඉල්ලා සිටි බවත් මෙතැන් සිට ඉහත ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විකෘත්ති තොරතුරු (Fake News) ප්‍රචාරය කළහොත් මාධ්‍ය ආයතන වෙත බලපත්‍ර ලබාදීමේදී දී ඇතිකරගත් කොන්දේසි බලාත්මක කරන බවයි.